වැපුරුම 2020...

 සැඳෑවිය සිනහවෙන් ගත කරන් රිසිසේ

පිරිසිදුම සිත් ඇතිව ගත කරන් ජීවිතේ

විය යුතුම යුතුකමක් ඉටු කරන මෙහෙවරක,

විශ්‍රාම වැපුරුමේ අස්වැන්න නුඹම වේ

 


ජීවිතයේ තුරුණු විය කාර්යබහුලව ගෙවා දමා සැඳෑ වියට එළැඹ සිටින ජේෂ්ඨ පුරවැසි මාපියවරුන්ගේ ජීවිතයේ එක් දවසක් වෙනස් වූ ආකාරයකට ගත කරන්නට අවශ් මඟ පාදා දෙමින් ශ්රී ලංකා තාක්ෂණික විශ්වවිද්යාලයීය ලියෝ සමාජයේ ලියෝ නෙත්මි වීරසිංහ සොයුරිය විසින් සංවිධානය කරන්නට යෙදුණු වැපුරුම 2020” වැඩසටහන පසුගිය ජූලි මස 05 වන දින පෙරවරු 10 සිට දවස පුරා තිස්සමහාරාම බෙරලිහෙලේ දී අති සාර්ථක අයුරින් නිමාවට පත්විය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අප ලියෝ සමාජයේ ලියෝ අයේශ් නුවන්දික සොහොයුරාගේ සහ තවත් සාමාජික සාමාජිකාවන් බොහෝ දෙනෙකුගේද සහාය ලැබී තිබුණි.




හරවත් වූද රසවත් වූද කතාබහ වලින් පිරි මෙම වැඩසටහන පිළිබඳව ඊට සහභාගී වූ මව්වරුන් හා පියවරුන් තුල වූයේ ඉමහත් ප්රසාදයකි. මෙසේ ආරම්භ කළා වූ 2020/2021 නව ලියෝ වසර පුරාවට තවත් මෙවැනි වැඩදායී හා ඵලදායී වැඩසටහන් රැසක් ක්රියාවට නැංවීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු.

Comments

Popular posts from this blog

"THE LEO TIMES" අඛණ්ඩව ඉදිරියටත්...

නුවර අහස යට...

BLUE PLANET...