රැල්ල පාගන ගමන් දියත් කරන අපේ රට ලස්සන කරන අළුත්ම රැල්ල...

පසුගිය පෙබරවාරි හතරවන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හැත්තෑ දෙවන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීම අරමුණු කර ගනිමින් පරිසර අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ Center for Beach Clean ups සමඟ මත්තේගොඩ ලියෝ සමාජය, වේරහැර ලියෝ සමාජය, හොරණ Mid city ලියෝ සමාජය හා ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය එක්ව සංවිධානය කළ, දිවයින පුරා වෙරළ තීරයන් දහසක් පිරිසිදු කිරීමේ වැඩසටහන නිදහස් දින උදෑසන සිට දිවයින පුරා වෙරළ තීරයන් ගණනාවකදී ඉතාම සාර්ථක අයුරින් පැවැත්විණි.


"රැල්ල පාගන ගමන් දියත් කරන අපේ රට ලස්සන කරන අළුත්ම රැල්ල" යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා තම ශ්‍රම දායකත්වයද සපයමින් ලියෝ දිස්ත්‍රික් 306 A2, Zone A1 ලියෝවරුන් විසින් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුත්ත සිදු කරන ලදි.

TV දෙරණ, ITN, නෙත් fm සමඟ SLRC මාධ්‍ය ආවරණය ලබා දෙමින් මේ සඳහා තම දායකත්වය සපයනු ලැබීය. ඉතින්, සුන්දර වෙරළ තීරයක් අරමුණු කරගෙන දියත් කළ මෙම ව්‍යාපෘතිය සාර්ථක වූවා සේම ඉදිරියේදීත් සිදුකෙරෙන සියළුම ව්‍යාපෘති සාර්ථකව නිම කරගැනීමට සියලුම ලියෝවරුනට හැකි වේවායි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය වෙනුවෙන් "THE LEO TIMES" කතෘ මණ්ඩලයේ අපි ප්‍රාර්ථනා කරමු.


Comments

Popular posts from this blog

"THE LEO TIMES" අඛණ්ඩව ඉදිරියටත්...

BLUE PLANET...

ධම්ශීල අභිවන්දනා