ධම්ශීල අභිවන්දනා

දියණියක ලෙස පිය තුරුල මත උණුහුමින් හද සුව ලැබූ මා...
දියණියක ලෙස මව් දෙවඟනක් දැක ආලයෙන් ලොබ බැඳුනි පෙරදා...
ගැහැනියක ලෙස අඹු සුවය මත සැනසුමක් නොදැනුන හින්දා...
මෙහෙනියක් ලෙස බුදු සෙවණේ හිඳ වෙහෙසකරමේ සසරෙ නිවුනා...


බෞද්ධයකු වශයෙන් තම ගිහි ජීවිතය නිමා කොට පැවිදි ජීවිතයක ආරම්භය විශාල වූ පුණ් මහිමයකින් සිදු වන බව පිළිගනියි.

මෙහෙණි සසුනෙහි දුර්ලභත්වයට හේතු විමසමින් ඇරඹූ කතිකාවතක හා එහි පුනර්වෘද්ධිය සඳහා වෑයමක ඇරඹුමක් ලෙස ශ්රී ලංකා තාක්ෂණික විශ්ව විද්යාලයීය ලියෝ සමාජය විසින් ඔක්තෝබර් මස 18,19 දෙදින නිමාවට පත් කළ පළමු අදියර ලෙස ධම්ශීල අභිවන්දනා සටහන් විය.

ලියෝ කමිටු රැස්වීමකදී සංවාදයට නැගුණු 'මෙහෙනි සසුනේ පුනර්වෘද්ධිය' පිළිබඳ කතා බහ තුල සඳහා අපට කළ හැකි දේ පිළිබඳව ද ඇති වූ අදහස් රාශියක් අතුරින් ගම්වැසියන් ගේ දැනුවත් කිරීමකින් අප ලියෝ සාමාජිකයන් කිහිප දෙනෙක් අලුතින් ඉදිවන මෙහෙණි ආරාමයක් වන ධම්මශීල ආරාම පිළිබඳව දැනුවත් කලේ .


එහි අභි නවයෙන් ඉදිවන චෛත්යය යේ ඉදිකිරීම කටයුතු සඳහා සහාය දැක්වීම  ඔක්තෝබර් මස 18 වන දින ආරම්භ කෙරිණි. දෛනික අධ්යන කටයුතු අවසානයේ ලියෝ වරුන් බොහෝමයක් මෙම පුන්යකර්මය සඳහා තම දායකත්වය ලබා දුනි.



ලියෝ සමාජය වශයෙන් අප සහභාගි වූ සියලු දෙනාට දෙදිනම තේ පැන්, සිහිල් පැන් ආදියෙන් සංග්රහ කළ අතර ඉතාමත් සතුටු සිත් ඇති තම කාර්යයන් නිමා කරන ලදී. මේ සඳහා හින්දු හා ඉස්ලාමීය සහෝදරයන් අප හා එක් වීම අපට ඉමහත් සතුටක් ගෙන දුනි. තරුණ ලියෝ වරුන් සතු වගකීම මනාවට පසක් කෙරිණි.


















Comments

Popular posts from this blog

"THE LEO TIMES" අඛණ්ඩව ඉදිරියටත්...

BLUE PLANET...