SandaHiru Abhiwandana


රණවිරු දෑතින් අභිනවයෙන් ඉදිවන අනුරාධපුර සඳහිරු මහා චෛත්‍යරාජයාණන් වහන්සේගේ අවසන් අදියර ඉදිකිරීම් කටයුතු සඳහා අත්වැලක් සැපයීමේ පින්බර වැඩසටහන ශ්‍රී ලංකා ලංකා තාක්ෂණික විශ්ව විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ  දායකත්වයෙන් 2018 බිනර මස 16 වන ඉරුදින සාර්ථකව පවත්වන ලදී.


සොඳුරු දුම්රිය ගමනකින් අනුරපුරයට ළඟා වූ ලියෝ තරුණ කැල සැදැහැ සිතින් යුතුව උදෑසනම සඳහිරු සෑ පින්බිමට පිවිසියහ. අතීත රජ කථා වල පමණක් අසන්නට ලැබූ මහා සෑයයන් ඉදි කරන සැටි පියවි ඇසින් දැක බලා ගන්නට පමණක් නොව ඒ සඳහා තම ශ්‍රම දායකත්වය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් සියල්ලෝම උද්දාමයට පත් ව සිටියහ.

රණවිරුවකුගේ ගාම්භීර හඬකින් ඉදිරිපත් කළ උපදෙස් මාලාව හා සෑ රදුන්ගේ වර්ණනාව සියල්ලන්ගේම හද පත්ලේ තැන්පත් විය.

සෑ රදුන් ගොඩනැංවීමට උරදෙමියි යන තිර අදිටනින් යුතුව වැඩ ආරම්භ කළ ලියෝ කැල මහන්සිය හා දැඩි හිරු රැස් තුට්ටුවකට මායිම් නොකොට ඉතා කඩිසරව හා එකමුතුව සිය දායකත්වය දැක්වීය.


    

 


හෝරා ගණනින් කාලය ගෙවී ගියද, ගතට පීඩාවක් දැනුනද, පින්වත් සිතිවිලි හා සුහද තරුණ පිරිස ගේ නොමද සිනා හඬ දිනය පුරා අපව  ප්‍රබෝධමත්ව  තැබීමට හේතු විය.

මෙලෙස වැඩ නිමවෙමින් පවතින සඳහිරු සෑ රදුන් මතු යම් දිනක මේ පින්බර ලක් දෙරණේ විරාජමානව වැඩ හිඳිමින් දස දෙසින් පැමිණෙන පිං කැමති සියළු දෙනාට පිං කෙතක් ම වේවා යි අප සියලු දෙනාගේම ඒකායන ප්‍රාර්ථනය විය.

 





Comments

Popular posts from this blog

THE LEO TIMES : VOL 04 : ISSUE 10

"THE LEO TIMES" අඛණ්ඩව ඉදිරියටත්...

BLUE PLANET...