Apachayana


 
අපචායණ

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධාන කරන ලද "අපචායණ" වැඩිහිටි සත්කාරමය වැඩසටහන 2018 අගෝස්තු මස 26 වන දින මහනුවර ගෙලිඔය, ඇල්පිටිය උතුරු ජේෂ්ඨ පුරවැසි නිවහනේ දී සාර්ථකව පවත්වන ලදි.
සිය දිවියේ සැඳෑ සමය තනිව ගත කරන මේ දෙමාපියන්ගේ විඩාබර වියපත් වූ සිත් සනසාලීමට මෙන්ම ඔවුන්ගේ මුවගට සිනහවක් කැන්දා ගෙන ඒමට අප ලියෝවරු කටයුතු කලහ.


වියපත් දෙමාපියන් නහවා පිරිසිදු කිරීම මෙන්ම ඔවුන්ගේ නිවහන කුණු දුහුවිලි ඉවත් කර පිරිසිදු කිරීමද එදින සිදුකෙරිණි.
තම දූ පුතුන් ගැන බලාපොරොත්තුවෙන් සිටින මේ දෙමාපියන්ට තවත් ආගන්තුක පිරිසක් නොවුණු අප ලියෝ කැල ආදරයෙන්, දයාවෙන් හා ළෙන්ගතුකමින් සංග්‍රහ කරමින් ඔවුන්ගේම දරුවන් ලෙස එම හෝරා කිහිපය ගත කලහ.







Comments

Popular posts from this blog

THE LEO TIMES : VOL 02 : ISSUE 07

Prospering Sustainably...